නයිජීරියාවේ මැතිවරණය ගැන අධිකරණය දුන් තීන්දුව

නයිජීරියාවේ මැතිවරණය ගැන අධිකරණය දුන් තීන්දුව

ඡන්ද ගණන් කිරීමේදී භාවිතා කරන යන්ත්‍ර සම්බන්ධයෙන් ලැබුණු අධිකරණ තීන්දුවකින් පසු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ ප්‍රාදේශීය සභා සඳහා වන මැතිවරණය සතියකින් කල් දමා තිබෙන බව නයිජීරියාවේ මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එරට ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම (Inec) පවසන්නේ මෙම පියවර යන්ත්‍ර නැවත සකස් කිරීමට සහ ඉදිරි ඡන්දය සඳහා වැඩි කාලයක් යෙදවීමට ලබා දෙන බවයි.

සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම මාර්තු 18 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබෙනවා

මේ අතර පසුගිය මාසයේ ජනාධිපති ලෙස තේරී පත් වූ Bolu Tinubuගේ මැතිවරණ ජයග්‍රහණයද විපක්ෂය විසින් අභියෝගයට ලක් කරනු ලැබුවා .

Share This