රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම මිසයිල ප්‍රහාර

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම මිසයිල ප්‍රහාර

රුසියාව යුක්‍රේනය හරහා උතුරේ Kharkiv සිට දකුණේ Odesa සහ බටහිරින් Zhytomyr දක්වා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Kharkiv සහ Odesa හි නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති අතර ප්‍රදේශ කිහිපයක විදුලියද විසන්ධි වී තිබෙනවා

මේ අතර එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ යුද්ධය තවත් වසර ගණනාවක් පැවතිය හැකි බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආක්‍රමණය දියත් කළේ මීට වසරකට පමණ පෙරයි

එතැන් සිට සටන්කරුවන් සහ සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති අතර මිලියන ගණනක් යුක්‍රේනියානුවන් සරණාගතයින් බවට පත්ව තිබෙනවා.

මිසයිල ප්‍රහාරයක් ඔඩේසා වරාය නගරයේ බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වීමෙන් පසු විදුලිය විසන්ධි කිරීමට හේතු වූ බවයි එහි ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසන්නේ.

නේවාසික ප්‍රදේශවලට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ Avril Haines පවසන්නේ ජනාධිපති පුටින් වසර ගණනාවක් යුද්ධය ඇදගෙන යාමට සැලසුම් කරන නමුත් නව ප්‍රහාර දියත් කිරීමට තරම් රුසියාව ශක්තිමත් නොවන බවයි.

Share This