රුසියාවේ මිසයිල ප්‍රහාරයෙන් යුක්‍රේනයේ 6ක් මරුට -ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වෙයි

රුසියාවේ මිසයිල ප්‍රහාරයෙන් යුක්‍රේනයේ 6ක් මරුට -ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වෙයි

රුසියාව යුක්‍රේනය හරහා මිසයිල ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ බලය අහිමි වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරේ Kharkiv සිට දකුණේ Odesa සහ බටහිරින් Zhytomyr දක්වා නගරවලට ප්‍රහාර එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට ඇති අතර Kharkiv සහ Odesa හි ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට හානි සිදුව තිබෙනවා.

කියෙව් අගනුවරට ද ප්‍රහාර එල්ල වූ බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනය සඳහන් කරන්නේ රුසියාව මිසයිල 81ක් එල්ල කළ බවත් එය සති කිහිපයකින් පසු සිදු වූ විශාලතම ප්‍රහාරයක් බවත්ය.

කෲස් මිසයිල 34ක් සාර්ථක ලෙස බිම හෙළූ බවත් ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන යානා අටෙන් හතරකට වෙඩි තැබූ බවත් යුක්‍රේනය සඳහන් කරනවා

Dnipropetrovsk කලාපයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආණ්ඩුකාර Serhii Lysak පවසනවා

නගරයේ බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මිසයිල ප්‍රහාරයක් ඔඩේසා වරාය නගරයේ බලශක්ති මධ්‍යස්ථානයකට එල්ලවීමෙන් පසු විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව එහි ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ සඳහන්  කරනවා

Share This