නේපාලයේ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

නේපාලයේ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

නේපාලයේ ශ්‍රී එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

යානයේ එන්ජිමේ හි කාර්මික දෝෂයක් හටගැනීම හේතුවෙන් එය ආරක්ෂිතව ගොඩබැස්වීමට නියමුවා සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කත්මණ්ඩු හි සිට ගමන් ආරම්භ කළ එම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු මගීන් 78 දෙනෙකු සිට ඇති බව සඳහන්.

පසුගිය ජනවාරි මාසයේ දී කත්මණ්ඩු නගරය ආසනනයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 70 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබුණා.

Share This