උතුරු ජර්මනියේ වෙඩි තැබීමක් -ඝාතනයට ලක්වූවන් හඳුනා ගැනීමට පරීක්ෂණ (VIDEO)

උතුරු ජර්මනියේ වෙඩි තැබීමක් -ඝාතනයට ලක්වූවන් හඳුනා ගැනීමට පරීක්ෂණ (VIDEO)

උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ ආගමික ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජර්මානු මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ පුද්ගලයින් හය දෙනෙකු හෝ හත් දෙනෙකු මිය ගිය බවට විශ්වාස කරන බවයි

මියගිය අය අතර ප්‍රහාරකයා සිටීද යන්න පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

තුවක්කුකරු විසින් තනිවම පැමිණ වෙඩි තබා ඇති අතර ඔහුද මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව එරට පොලිසිය සඳහන් කරනවා.

අපරාධකරුවෙකු විය හැකි බවට විශ්වාස කරන මියගිය පුද්ගලයෙකුගේ සිරුර එම ස්ථානයේ තිබී සොයාගත් බවත් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවත් එරට පොලිසිය පවසනවා.

Share This