තලෙයිබාන් ආණ්ඩුකාරවරයා’ ඉලක්ක කර ගනිමින් ‘ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

තලෙයිබාන් ආණ්ඩුකාරවරයා’ ඉලක්ක කර ගනිමින් ‘ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ උතුරු බෝල්ක් පළාතේ තලෙයිබාන් ආණ්ඩුකාරවරයා මියගොස් තිබෙනවා

මොහොමඩ් ඩාවුඩ් මුසම්මිල් නැමැති මෙම ආණ්ඩුකාරවරයා ප්‍රාන්ත අගනුවර වන මසාර්-ඊ ෂරීෆ් හි පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඝාතනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2021 වසරේදී සටන්කාමීන් නැවත බලයට පත්වීමෙන් පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම තලෙයිබාන් නිලධාරියා මොහු බවයි පැවසෙන්නේ

තලෙයිබාන් ප්‍රකාශක Zabihullah Mujahid ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ ආණ්ඩුකාරවරයා “ඉස්ලාම් සතුරන් විසින් සිදු කරන ලද පිපිරීමකින් දිවි පිදූ” බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් අසීෆ් වසිරි ආණ්ඩුකාර කාර්යාලයේ දෙවන මහලේ පිපිරීම සිදුව ඇති බව තහවුරු කර තිබෙනවා

පිපිරීමෙන් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This