නයිජීරියාවේ ප්‍රහාරයකින් 25 දෙනෙකු මරුට

නයිජීරියාවේ ප්‍රහාරයකින් 25 දෙනෙකු මරුට

නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙය ඉස්ලාමීය සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි එරට පොලිසිය පවසන්නේ

ප්‍රහාරය එල්ල වී ඇත්තේ බොකෝ හරාම් කැරලිකරුවන්ගේ බලකොටුවක් ආසන්නයේ පිහිටි ධීවර නගරයකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2009 වසරේ සිට අන්තවාදී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයන් 350,000කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන ගණනක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.

Share This