ඉතාලි මුහුදේදී සංක්‍රමණිකයන් 1300ක් බේරා ගැනේ

ඉතාලි මුහුදේදී සංක්‍රමණිකයන් 1300ක් බේරා ගැනේ

ඉතාලි මුහුදු සීමාව තුළ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 74 දෙනෙකු මිය යාමේ සිදුවීමෙන් පසු අනවසර සංක්‍රමණ වැළැක්වීම සදහා ඉතාලි වෙරළාරක්ෂක බලකාය සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

ඒ අනුව ඉතාලියේ දකුණු වෙරළ තීරයට ඔබ්බන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුම් තුනකින් සංක්‍රමණිකයින් 1,300 කට වැඩි පිරිසක් බේරා ගෙන ඇති බවයි ඊයේ (11) වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ

මෙම සංක්‍රමණිකයන් පිරිස යාත්‍රා 3 කින් ඉතාලිය පැමිණෙමින් සිට ඇති බව සඳහන්.

සංක්‍රමණිකයින් විශාල පිරිසක් යාත්‍රා මගින් ඉතාලිය වෙත පැමිණෙන අතර 74 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බෝට්ටු අනතුරෙන් පසු එරට අගමැතිනි Giorgia Meloni ප්‍රකාශ කළේ මිනිස් ජාවාරම්කරුවන්ට වසර 30 ක් දක්වා සිර දඬුවම් ලබා දිය යුතු බවටයි.

එමෙන්ම සංක්‍රමණිකයන්ට ආරක්ෂිතව ඉතාලියට ළඟා වීමට අවස්ථාව සැලසීම සඳහා වැඩිදියුණු කළ නීතිමය ක්‍රමවේදයන් විවෘත කළ යුතු බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Share This