“ෆ්‍රෙඩී ” නිසා මොසැම්බික්හි මිය ගිය ගණන 28ක් -මලාවියෙත් දිස්ත්‍රික්ක 10ක පාසැල් වැසේ

“ෆ්‍රෙඩී ” නිසා මොසැම්බික්හි මිය ගිය ගණන 28ක් -මලාවියෙත් දිස්ත්‍රික්ක 10ක පාසැල් වැසේ

ෆ්‍රෙඩී සුළි කුණාටුව මොසැම්බික් ප්‍රාන්තයට කඩා වැදීමෙන් පසු අසල්වැසි මලාවි රාජ්‍යයේ බලධාරීන් විසින් ආරක්‍ෂිත පියවරක් ලෙස දිස්ත්‍රික්ක 10ක පාසැල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු මලාවි ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ගවලට හානි සිදුවී ඇති අතර විදුලි උත්පාදනයටද බාධා එල්ල වී තිබෙනවා

ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ෂාපතනය අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ෆ්‍රෙඩී සුළි කුණාටුව ප්‍රථම වරට ගොඩබිමට ඇතුළු වූ දා සිට මොසැම්බික්හි මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 28 ක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This