බාලි හි යතුරුපැදි ධාවනය සංචාරකයින්ට තහනම්

බාලි හි යතුරුපැදි ධාවනය සංචාරකයින්ට තහනම්

ඉන්දුනීසියාවේ බාලි වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරුපැදි ධාවනය කිරීම තහනම් කර තිබෙනවා.

සංචාරකයින් විසින් යතුරුපැදි පැදවීමේ දී නියමිත නීති රෙගුලාසිවලට අනුගත නොවීමෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් සංචාරකයින් බීමත්ව යතුරුපැදි ධාවනය කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් මරණයට පත් වීම මෙන්ම තුවාල සිදුවීම් ද වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව බාලි හි සංචාරය වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරුපැදි ධාවනය තහනම් වන අතර ඊට අනුගත නොවන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This