අමෙරිකාවේ මූල්‍ය පද්ධතිය සුරක්ෂිතයි -බයිඩන්

අමෙරිකාවේ මූල්‍ය පද්ධතිය සුරක්ෂිතයි -බයිඩන්

අමෙරිකාවේ මූල්‍ය පද්ධතිය සුරක්ෂිත බව එක්සත් ජනපද ජනාධිපතිවරයා සහතික කරනු ලැබූවත් ඊයේ (13) ලොව පුරා ඇතැම් බැංකුවල කොටස් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපදයේ Silicon Valley බැංකුව (SVB) සහ Signature බැංකුවේ පාරිභෝගික තැන්පතු ආරක්ෂා කිරීමට බලධාරීන්ට පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පොරොන්දු වී තිබෙනවා.

Share This