කොංගෝවේ ගිනිකඳු පිපිරීමේ තර්ජනයක්

කොංගෝවේ ගිනිකඳු පිපිරීමේ තර්ජනයක්

නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ Nyamulagira ගිනිකන්ද මුදුනේ දීප්තියක් නිරීක්ෂණය කළ බව ගිනිකඳු විද්‍යාඥයෝ පවසා තිබෙනවා.

Nyamulagira ගිනිකන්දේ මධ්‍යම ආවාටයේ නොගැඹුරු ගැඹුරකදී ලාවා චලනය වීම නිසා එය හටගෙන ඇති බවයි ගිනිකඳු විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසා තිබෙන්නේ

Nyamulagira ගිනිකන්ද අවසන්වරට පිපිරීම සිදුවුයේ 2011 වසරේදී යි

මෙම ගිනිකන්ද පිහිටා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කඳුකර ගෝරිල්ලන්ගේ නිවහන ලෙසින් හඳුන්වන Virunga ජාතික වනෝද්‍යානය මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Nyamulagira පිපිරීමක් සිදුවුවහොත්, එහි ලාවා උද්‍යානය දෙසට ගලා එනු ඇතැයි ගෝමා ගිනිකඳු නිරීක්ෂණාගාරය අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 670,000 ක් පමණ ජනතාව ජීවත් වන ගෝමා නගරයට දැනට තර්ජනයක් නොමැති බවයි සඳහන් වන්නේ

Share This