චීනයේ විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවතත්

චීනයේ විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවතත්

වසර තුනකට පෙර කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථමවරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම යාත්‍රා නැව් සඳහා හයිනාන් දූපතේ සහ ෂැංහයි වෙත වීසා රහිත ප්‍රවේශය නැවත ආරම්භ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වන්නේ .

හොංකොං සහ මැකාවු සිට සංචාරක කණ්ඩායම්වලට වීසා රහිත ඇතුළුවීමට අවසර දෙන අතර විදේශයන්හි චීන කොන්සියුලර් කාර්යාල හරහාද වීසා අයදුම්පත් සැකසීම නැවත ආරම්භ කරනු ඇති.

සියලුම වෙනස්කම් මාර්තු 15 වනදා සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

වසංගතයට පෙර සෑම වසරකම මිලියන ගණනක් විදේශිකයින් චීනයට පැමිණි අතර සංචාරක කර්මාන්තය කොවිඩ් නීති ක්‍රියාමාර්ග නිසා දැඩි ලෙස පීඩාවට පත්වුණා.

එහෙත් දේශසීමා යළි විවෘත කිරීමෙන් පසු විදේශිකයින්ගේ පැමිණීම්වල සැලකිය යුතු වැඩිවීමක් රටට අපේක්ෂා කළ හැකි බවයි විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ

Share This