රුසියානු ජෙට් යානයක් එක්සත් ජනපද ඩ්‍රෝන යානයක ගැටෙයි

රුසියානු ජෙට් යානයක් එක්සත් ජනපද ඩ්‍රෝන යානයක ගැටෙයි

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් එක්සත් ජනපද ඩ්‍රෝන යානයක ගැටීමෙන් පසු ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටී ඇති බව අමෙරිකානු හමුදාව සඳහන් කර තිබෙනවා.

මෙය මිනිසුන් රහිත යානයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙම සිදුවීම යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව සහ එක්සත් ජනපදය අතර පවතින සෘජු ගැටුම වර්ධනය කරන්නක් වනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඩ්‍රෝන යානය ජාත්‍යන්තර ගුවන් සීමාවේ සාමාන්‍ය මෙහෙයුමක යෙදී සිටියදී රුසියානු ජෙට් යානා දෙකක් එයට බාධා කිරීමට උත්සාහ කළ බවයි එක්සත් ජනපදය පවසන්නේ

මෙම සිදුවීමට විරෝධය දැක්වීම සඳහා එක්සත් ජනපදය වොෂින්ටනයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් කැඳවා ඇති බවද සඳහන් වනවා .

Share This