මලාවියේ ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටි සොල්දාදුවන් දෙදෙනෙක් අතුරුදන්

මලාවියේ ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටි සොල්දාදුවන් දෙදෙනෙක් අතුරුදන්

ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පසු දකුණු මුලන්ජේ ප්‍රදේශයේදී ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටි මලාවියානු සොල්දාදුවන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගංවතුරට ගසාගෙන ගිය පුද්ගලයින් බේරා ගැනීමට හය දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් ගොස් ඇති අතර ඉන් සෙබළුන් දෙදෙනෙක් වතුරේ ගසාගෙන ගොස් මෙලෙස අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ගලවා ගැනීමේ මෙහෙයුමට යන අතරමගදී බෝට්ටුව ක්‍රියා විරහිත වීමෙන් පසු තවත් සොල්දාදුවන් දෙදෙනෙකු සහ එක් සිවිල් වැසියෙකු ආපසු පිහිනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ

අතුරුදන් වූ එක් සොල්දාදුවෙකු ගසක් මත සිටිනු දැක ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා

පාසල් නැවත විවෘත කිරීම සිකුරාදා දක්වා ප්‍රමාද කර ඇති අතර කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක 10 ක ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This