උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමත් සමග උතුරු කොරියාව විසින් මෙලෙස මිසයිලක් අත්හදා බැලීම විශේෂත්වයක්.

එම මිසයිලය කොරියානු අර්ධද්වීපය සහ ජපානය අසන්න මුහුදට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අදාළ මිසයිලය පිළිබඳව අවධානයෙන් පසු වූ බවත්, කඩා වැටුණු කොටස සම්බන්ධයෙන් එරට වෙරළාරක්ෂක නිලධාරීන් විසින් යාත්‍රාවලට සැළකිලිමත් වන ලෙසට දැනුම් දුන් බවත් ජපානය ප්‍රකාශ කර තිබෙනවා.

එසේම එය පැයකට අසන්න කාලයක් ගුවනේ තිබීමෙන් අනතුරුව මුහුදට පතිත වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම මිසයිලය අත්හදා බැලීම සිදු වුයේ දකුණු කොරියාව සහ අමෙරිකාව අතර සිදුකෙරෙන යුද අභ්‍යාස අතර වාරයේ වීම බොහෝ විදෙස් මාධ්‍ය විශේෂයෙන් උපුටා දක්වමින් සඳහන් කර තිබුණා.

මේ අතර පසුගිය කාලයේ උතුරු කොරියාව ආහාර අර්බුදයකටද මුහුණ දුන් අතර එවන් පසුබිමකයි ඔවුන් යුද ශක්තිය ලොවට පෙන්වීම සඳහා මෙලෙස මිසයිල අත්හදා බැලීම් සිදු කර ඇත්තේ.

Share This