සිඩ්නි නුවරදී පුද්ගලයෙකු පැහැරගැනීමට අදාළව 6 දෙනෙකුට චෝදනා

සිඩ්නි නුවරදී පුද්ගලයෙකු පැහැරගැනීමට අදාළව 6 දෙනෙකුට චෝදනා

සිඩ්නි නුවරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලිසිය පුද්ගලයන් හය දෙනෙකුට චෝදනා එල්ල කර තිබෙනවා

Peter Vuong නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ .

දින හයක් රඳවා තබා ගැනීමෙන් පසු පොලිසිය විසින් ඔහුව බේරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහුගේ දත් බලහත්කාරයෙන් ගලවා දැමීම ඇතුළු දරුණු ශාරීරික හිංසනයන්ට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ වනවිට Peter Vuong රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ සඳහා සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා

පැහැරගත් කණ්ඩායම විශාල මුදලක් කප්පම් ලෙස ගැනීමට මෙය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෙම සිද්ධිය පිළිබඳ සැකපිට 19 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පස් දෙනෙකු නගරයේ වෙනත් ස්ථානවල රඳවා ඇති බව පොලිසිය පවසනවා.

බරපතළ තුවාල සිදුකිරීම සහ අනවසර ගිනි අවියක් ළඟ තබා ගැනීම ඇතුළු බරපතල ප්‍රචණ්ඩකාරී වැරදිවලට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා

Share This