උද්‍යානයක් නරඹන්න ගියොත් නොමිලේ ලැබෙන දියමන්ති

උද්‍යානයක් නරඹන්න ගියොත් නොමිලේ ලැබෙන දියමන්ති

මිසිසිපි ගඟට මායිම්ව ඇති දකුණු එක්සත් ජනපදයේ Arkansas ප්‍රාන්තයේ උද්‍යානයකින් සොයාගත් දියමන්තියකට එය සොයාගත් පුද්ගලයා විසින් “Bud” ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කැරට් 3.29 දුඹුරු දියමන්තිය Crater of Diamonds State Park හිදී සංචාරකයෙකු වන ඩේවිඩ් ඇන්ඩර්සන් විසින් මෙය සොයා ගත් බවයි පැවසෙන්නේ

උද්‍යානයේ සෑම දිනකම දියමන්ති එකක් හෝ දෙකක් හමු වන අතර පැමිණෙන අමුත්තන්ට ඔවුන් සොයා ගන්නා දියමන්ති තබා ගැනීමටද අවසර ලැබී තිබෙනවා.

උද්‍යානයේ අක්කර 37.5 ක පිහිටි දියමන්ති සෙවීමේ කලාපයේ දී මෙම දියමන්ති හමුවී ඇති බව උද්‍යාන නිලධාරීන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

2007 වසරේදී රූපවාහිනියෙන් ඒ ගැන මුලින්ම ඇසුණු දා සිට ඔහු උද්‍යානයට යන බව ඩේවිඩ් ඇන්ඩර්සන් පවසා තිබෙනවා

“මගේ පළමු දියමන්තිය, කැරට් 1.5 සුදු පැහැති වර්ගයක් , එතැන් සිට දියමන්ති 400 කට වඩා මා විසින් සොයාගත්තා” යනුවෙන් ඔහු පවසා තිබෙනවා .

2011 වසරේදී කැරට් 3.83 කහ දියමන්තිය මෙන්ම 2014 වසරේ දී සොයා ගත් කැරට් 6.19 සුදු දියමන්තිය විශේෂිත බවද ඔහු වැඩිදුරටත් පවසනවා

 

Share This