ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 4ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 4ක් මරුට

බටහිර ඉවුරේ ජෙනින් නගරයේ රහසිගත වැටලීමකදී ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයන් හතර දෙනෙකු වෙඩි තබා මරා දැමූ බව පලස්තීන බලධාරීහු සඳහන් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙන්නේ මොවුන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අවශ්‍යව සිටි අය බවත් ඔවුන් වෙඩි හුවමාරුවක් දී මිය ගිය බවත්ය .

මියගිය අය අතර 16 හැවිරිදි පිරිමි ළමයෙකු සිටින බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා

තවත් පලස්තීනුවන් 20 දෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This