යුක්රේන පතොරම් සැලැස්ම ගැන සාකච්ඡා කරන්න යුරෝපා සංගමය රැස් වෙයි

යුක්රේන පතොරම් සැලැස්ම ගැන සාකච්ඡා කරන්න යුරෝපා සංගමය රැස් වෙයි

යුක්‍රේනයට පතොරම් සැපයීමට සහ ඔවුන්ගේම පතොරම් තොග නැවත පිරවීම සඳහා වන සැලැස්මක් අවසන් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට අදාළව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරු බෙල්ජියමේ බ‍්‍රසල්ස් හිදී රැස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසරකට වැඩි කාලයකට පෙර ආරම්භ වූ රුසියානු ආක්‍රමණයකට එරෙහිව යුක්රේනය සටන් වදින බැවින් බටහිර හවුල්කරුවන්ගෙන් තවත් පතොරම් ආධාර අවශ්‍ය බව යුක්රේන නිලධාරීන් අවධාරණය කර තිබු බව සඳහන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුරෝපා සංගමය යුක්රේනය වෙනුවෙන් පතොරම් සැපයීමට සහ පතොරම් තොග නැවත පිරවීමට සැලැස්මක් සකස් කළ අතර අමෙරිකානු ඩොලර් බිලියන 2 ක් ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.

Share This