චීන ජනාධිපති රුසියාවට

චීන ජනාධිපති රුසියාවට

චීන ජනාධිපති Xi Jinping රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණ තිබෙනවා.

රුසියානු ජනාධිපති Vladimir Putin සමග සකච්ඡා පැවැත්වීමේ අරමුණින් චීන ජනාධිපතිගේ මෙම සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් Vladimir Putin අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවක චීන ජනපති රුසියාවේ සංචාරයක නිරත වීම විශේෂත්වයක් වනවා.

එමෙන්ම Xi Jinping යළිත් චීන නාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව නිරත වන පළමු විදෙස් සංචාරය ද මෙය වන බව සඳහන්.

චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී රුසියානු – යුක්රේන යුධමය වාතාවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This