“යුද අපරාධ” සම්බන්ධයෙන් පුටින්ට බලපෑම් කරන්නැයි එක්සත් ජනපදය චීන ජනපතිගෙන් ඉල්ලයි

“යුද අපරාධ” සම්බන්ධයෙන් පුටින්ට බලපෑම් කරන්නැයි එක්සත් ජනපදය චීන ජනපතිගෙන් ඉල්ලයි

රුසියාව විසින් යුක්‍රේනයේ සිදු කරන “යුද අපරාධ” නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට බලපෑම් කරන ලෙස එක්සත් ජනපදය චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුද ආක්‍රමණයෙන් පසුව සිදු කෙරෙන චීන ජනාධිපතිවරයාගේ පළමු මොස්කව් සංචාරය අතරතුර නිල සාකච්ඡා සඳහා දෙදෙනා අද (21) නැවත හමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

යුක්‍රේනයෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියානු ජනාධිපතිවරයාට බල කරන ලෙස ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා චීන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි වැඩිදුරටත් සඳහන් කරන්නේ සටන් විරාමයක් ඉල්ලා සිටීම ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම “යුක්‍රේන නගර, රෝහල් සහ පාසල්වලට බෝම්බ හෙලීම නවත්වන ලෙසත්, යුද අපරාධ සහ ම්ලේච්ඡ ක්‍රියා නැවැත්වීමටත්, හමුදා ඉවත් කර ගන්නා ලෙසත්, දැනුම් දෙමින් චීන ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයාට බලපෑම් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා ” යනුවෙන්ද ජෝන් කර්බි පවසා තිබෙනවා

“යුක්‍රේනයේ පවතින උග්‍ර අර්බුදය සමථයකට පත් කිරීම” සඳහා චීන ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද කරුණු 12 ක සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කරන බවද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This