ට්‍රම්ප් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇති විය හැකි නොසන්සුන්තාවට එරට පොලිසිය සූදානමින්

ට්‍රම්ප් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇති විය හැකි නොසන්සුන්තාවට එරට පොලිසිය සූදානමින්

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇති විය හැකි නොසන්සුන්තාව සඳහා එක්සත් ජනපදයේ ප්‍රධාන නගරවල පොලිසිය සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

නිව් යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් හි බලධාරීන් ඔවුන්ගේ නීතිය බලාත්මක කිරීම වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ පළමු අපරාධ නඩුව වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නගරයේ ට්‍රම්ප් කුළුණෙන් පිටත පොලිස් ආරක්ෂාව වැඩි කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන අතර සිවිල් ඇඳුමින් සැරසුණු රහස් පරීක්ෂකයින් ඇතුළු නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ (NYPD) සෑම සාමාජිකයෙකුටම අද (21) දිනයේ ඔවුන්ගේ සම්පූර්ණ නිල ඇඳුම පැළඳීමට නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This