ඉන්දුනීසියානු ළමුන් 200කට ජිවිත අහිමි කළා යැයි සැකකෙරෙන ඖෂධ සමාගම් අටකට නඩු

ඉන්දුනීසියානු ළමුන් 200කට ජිවිත අහිමි කළා යැයි සැකකෙරෙන ඖෂධ සමාගම් අටකට නඩු

2022 වසරේ සිට ඉන්දුනීසියානු ළමුන් 200කට වැඩි පිරිසකට කැස්ස සිරප් ලබාදීමෙන් පසු ඇතිවූ වකුගඩු ආබාධවලින් මිය ගොස් ඇති බවට සැක පළ කරමින් දෙමව්පියන් විසින් නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව පසුගිය වසරේ මිය ගිය සිව් හැවිරිදි නූර් ආසියාගේ පවුලේ අය සහ තවත් වින්දිතයින් 24 දෙනෙකුගේ ඥාතීන් විසින් ඉන්දුනීසියාවේ රජයට සහ ඖෂධ සමාගම් අටකට එරෙහිව නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙම කැස්ස සිරප්වලට ගොදුරු වූ එකම රට ඉන්දුනීසියාව නොවන බවත් ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ කැස්ස සිරප් හේතුවෙන් මරණ 100ක් පමණ වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ඉන්දුනීසියාවේ මේ පිළිබඳව විමර්ශනයක් අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා .

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් හයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමෙන් දරුවන්ගේ දෙමව්පියන්ට යම්කිසි මානසික සුවයක් ලැබුණු බවත් , මියගිය සෑම දරුවෙකුටම ඩොලර් 195,000 ක් සහ අසනීප වූ සෑම දරුවෙකුටම ඩොලර් 130,000 ක් පමණ මෙම නඩුවෙන් වන්දි ඉල්ලා ඇති බවත් සඳහන් වනවා .

ඉන්දුනීසියාව විසින් නඩු පවරා ඇති සමාගම් මේ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

Share This