ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් බෝම්බ – එකක් පුපුරා යයි

ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් බෝම්බ – එකක් පුපුරා යයි

ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් බෝම්බ ඒවා ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවම වශයෙන් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඉලක්ක කරගනිමින් බෝම්බ ඒවා ඇති බවටයි පැවසෙන්නේ.

පුපුරා ගිය බෝම්බය පෙන් ඩ්‍රයිව් එකකට සම්බන්ධ කර තිබූවක් වන අතර ඉන් ජිවිත හානියක් සිදුව නැහැ.

එරට ආයතන පහකට පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලිපි යවා ඇති බවටයි වාර්තාවන්නේ.

එම උපකරණ පහම එක හා සමාන බවද සඳහන්.

Share This