උගන්ඩාවේ සමරිසි  පුද්ගලයින්ට මරණ දඩුවම

උගන්ඩාවේ සමරිසි පුද්ගලයින්ට මරණ දඩුවම

උගන්ඩාවේ නීති සම්පාදකයින් ලෝකයේ දරුණුතම සමරිසි විරෝධී නීති අනුමත කර තිබෙනවා.

සමහර අපරාධවලට මරණීය දණ්ඩනය ලබා දිය හැකි අතර LGBTQ+ හෙවත් සමරිසි ලෙස හඳුනා ගන්නා පුද්ගලයින්ට වසර 20 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට නීති අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමරිසි සබඳතා දැනටමත් නීතිවිරෝධීව පවතින රටක LGBTQ+ පුද්ගලයින් තවදුරටත් මර්දනය කිරීමට මෙම නව නීති සම්පාදනය කර තිබෙනවා.

මෙම නව නීතිය ක්‍රියාකාරකම් රාශියක් ඉලක්ක කරන අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සහ අනුබල දීම තහනම් කිරීම මෙන්ම සමලිංගිකත්වයේ යෙදීමට කුමන්ත්‍රණය කිරීම ද ඇතුළත් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

පනත් කෙටුම්පතට අනුව ළමයින්ට, මානසික හෝ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට එරෙහිව, අනුමැතියකින් තොරව හෝ බලකිරීමකින් සිදු කරනු ලබන ලිංගික ක්‍රියාවන් සිදුකරන්නන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ හැකි වනවා.

නීති සම්පාදක Fox Odoi-Oywelowo පනතට එරෙහිව කතා කරමින්, එය “LGBTQ+ පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් අසාධාරණ ලෙස සීමා කරන බැවින් එය “ස්ථාපනය කිරීම ජාත්‍යන්තර සහ කලාපීය මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි” බව පෙන්වා දෙනවා.

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන හියුමන් රයිට්ස් වොච් (HRW) මෙම මස මුලදී අනතුරු ඇඟවූයේ නීතිය උගන්ඩාවේ අයිතීන් උල්ලංඝනය කරන බවයි.

Share This