ඉන්දීය නළු චේතන් කුමාර් අත්අඩංගුවට

ඉන්දීය නළු චේතන් කුමාර් අත්අඩංගුවට

හින්දු ජාතිවාදී මතවාදය විවේචනය කර ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පියෙකු වන චේතන් කුමාර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා පැවසුවේ හින්දු මතධාරී කණ්ඩායමක සාමාජිකයෙකුගේ පැමිණිල්ලකට අනුව ඊයේ (21) දිනයේ කර්නාටක පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

40 හැවිරිදි කුමාර් ට්විටර් පණිවුඩ නිකුත් කිරීම සම්බන්ධයෙන් වසරක් තුළ අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පාසල්වල මුස්ලිම් ගැහැණු ළමුන් හිජාබ් පැළඳීම තහනම් කිරීමට එරෙහිව පෙත්සම් විභාග කරමින් සිටි විනිසුරුවරයෙකුට එරෙහිව ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීම හේතුවෙනුයි.

Share This