එක්සත් ජනපදය පොලී අනුපාත ඉහළ දමයි

එක්සත් ජනපදය පොලී අනුපාත ඉහළ දමයි

එක්සත් ජනපද මහ බැංකුව නැවතත් පොලී අනුපාත ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ෆෙඩරල් සංචිතය එහි ප්‍රධාන අනුපාතය සියයට 0.25 කින් වැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ෆෙඩරල් බැංකුව මිල ස්ථාවර කිරීමේ උත්සාහයක් ලෙස ණය ගැනීමේ පිරිවැය ඉහල නංවා ඇති අතර පසුගිය වසරේ සිට සිදුවූ පොලී අනුපාතවල ඉහළ යාම බැංකු පද්ධතියේ ආතතියට හේතු වී තිබෙන බවද සඳහන් වනවා.

එක්සත් ජනපද බැංකු දෙකක් වන Silicon Valley Bank සහ Signature Bank පසුගිය මාසයේ කඩා වැටුණු අතර, ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඇති වූ ගැටළු මෙයට හෙත්වූ බවයි සඳහන් වුයේ

ඉහළ යන පොලී අනුපාත නිසා එම බැඳුම්කරවල වටිනාකම අඩු විය හැකි බැවින් බැංකු විසින් පවත්වාගෙන යනු ලබන බැඳුම්කරවල වටිනාකම පිළිබඳව ගැටළු මතුව තිබෙනවා

පසුගිය සතියේ යුරෝපීය මහ බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය සියයට 0.5කින් ඉහළ නැංවු අතර ෆෙඩරල් සංචිතයේ සභාපති ජෙරොම් පවෙල් පවසන්නේ ෆෙඩරල් බැංකුව එහි උද්ධමන සටන කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

Share This