තවත් භූ කම්පන දෙකක්

තවත් භූ කම්පන දෙකක්

දිනෙන් දින ලෝකයේ බොහෝ රටවල්වල භූ කම්පන වාර්තාවන පසුබිමක ටජිකිස්ථානය සහ ආජන්ටිනාව යන රටවල් දෙකෙහි ද භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.

ටජිකිස්ථානයෙන් වාර්තාවන භූ කම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක 5.9ක අගයක් ගෙන ඇති බව සඳහන්.

එසේම එය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ආජන්ටිනාවේ රිච්ටර් පරිමාණයේ ඒකක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

නමුත් හානියක් හෝ තුවාල පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

එය උතුරු චිලී ප්‍රදේශයට ද දැනුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Share This