වවුලන්ගෙන් මිනිසුන්ට සෑදෙන වෛරසයක් -පැතිරීම වේගවත්

වවුලන්ගෙන් මිනිසුන්ට සෑදෙන වෛරසයක් -පැතිරීම වේගවත්

ටැන්සානියාවේ ‘Marburg වෛරසය’ නිසා සිදුවූ මරණවලින් පසු ටැන්සානියානු දේශසීමා ආශ්‍රිතව සිටින කෙන්යාව සහ උගන්ඩාව ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා

උගන්ඩාව එහි දකුණු දේශසීමාවේ පරීක්ෂා කිරීම් කිරීමට නියෝග කර ඇති අතර Kyotera සහ Isingiro දිස්ත්‍රික්කවල දේශසීමා හරස් මාර්ගවල සෞඛ්‍ය කණ්ඩායම්වලට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අධික උණ ඇති පුද්ගලයින් සහ මෑතකදී ටැන්සානියාවට ගිය පුද්ගලයින් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස කෙන්යාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැට්‍රික් අමෝත් විසින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ටැන්සානියාවේ ‘Marburg වෛරසය’ සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින් අට දෙනාගෙන් පස් දෙනෙකු මියගොස් තිබෙන අතර ඉන් හතර දෙනෙක් එකම පවුලක අය බවද විදෙස් මාධ්‍ය පවසනවා

පැතිරීම පාලනය කිරීමට ටැන්සානියාවේ ගෙන ඇති උපාය මාර්ගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පැසසුමට ලක්ව තිබෙනවා

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ‘Marburg වෛරසය’ ආසාදනය වූවන්ගෙන් අඩක් මිය යන බවයි.

වෛරසය වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර වෛරසය ආසාදනය වීමෙන් පසු මිනිසුන් අතර ඉක්මනින් පැතිරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම රෝගයට එන්නත් හෝ ප්‍රතිකාර නොමැති වුවද, රෝගියෙකුගේ විශේෂිත රෝග ලක්ෂණ සඳහා වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතර රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, තෙහෙට්ටුව සහ නාසයෙන් ලේ ගැලීම පවතින බවද සඳහන් වනවා .

Share This