Dating Apps හරහා මුදල් වංචා කළ අමෙරිකානු ජාතිකයා

Dating Apps හරහා මුදල් වංචා කළ අමෙරිකානු ජාතිකයා

Dating Apps හරහා කාන්තාවන්ගෙන් මුදල් වංචා කළ අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

69 හැවිරිදි වියේ පසුවන ඔහු කාන්තාවන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මුදලක් සොරකම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි අදාළ පුද්ගලයා Dating Apps හරහා කාන්තාවන් හමු වී ඔවුන් සමග සබඳතා පවත්වා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් ඔහු වසර ගණනාවක සිට මුල්‍ය වංචාවේ නිරතව සිට ඇති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This