ප්‍රංශයේ විශ්‍රාම වැටුප් විරෝධතා මැද 80ක් අත්අඩංගුවට – නගර ශාලාවට ද ගිනි තබලා (VIDEO )

ප්‍රංශයේ විශ්‍රාම වැටුප් විරෝධතා මැද 80ක් අත්අඩංගුවට – නගර ශාලාවට ද ගිනි තබලා (VIDEO )

විශ‍්‍රාම වැටුප් වයස ඉහළ නැංවීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රංශ විරෝධතා අඛණ්ඩව පවතින අතර විරෝධතාකරුවන් විසින් Bordeaux නගර ශාලාවට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊයේ (23) දිනයේ ප්‍රංශය පුරා මිලියනයකට අධික ජනතාවක් වීදි බැස ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වනවා

අගනුවර රැස්ව සිටි විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර රට පුරා පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා .

ගින්නට වගකිවයුත්තන් කවුරුන්ද යන්න පැහැදිලි නැති බවත් ගිනි නිවන භටයින් විසින් එය ඉක්මනින් මැඩපවත්වා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විශ‍්‍රාම යන වයස අවුරුදු දෙකකින් එනම් 64 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ වුණා

Share This