ලෝක මලල ක්‍රීඩා උළෙලේ දී ජාත්‍යන්තර ඉසව්වල තරග කිරීම තහනම් කළ අය

ලෝක මලල ක්‍රීඩා උළෙලේ දී ජාත්‍යන්තර ඉසව්වල තරග කිරීම තහනම් කළ අය

ලෝක මලල ක්‍රීඩා උළෙලේදී සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා තරග කිරීමට අවසර නොදෙන බව පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරනවා.

සංක්‍රාන්ති ලිංගික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

ස්වාධීන අයෙක් කණ්ඩායමට නායකත්වය දෙන අතර, කවුන්සිලයේ සාමාජිකයින් තිදෙනෙකු , මලල ක්‍රීඩා කොමිසමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයෙකු, ලෝක මලල ක්‍රීඩා සාමාජික සංගම් නියෝජිතයින් තිදෙනෙකු සහ ලෝක මලල ක්‍රීඩා සෞඛ්‍ය හා විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ද මෙම කණ්ඩායමට ඇතුළත් වනවා

පාලක මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ දැනට ජාත්‍යන්තර වශයෙන් තරග කරන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති බවයි.

Share This