මිසිසිපි ප්‍රාන්තයට තවදුරටත් අනතුරු ඇඟවීම් – හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ(VIDEO)

මිසිසිපි ප්‍රාන්තයට තවදුරටත් අනතුරු ඇඟවීම් – හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ(VIDEO)

පුද්ගලයන් 26 දෙනෙකුට මරු කැඳවූ සුළි කුණාටුවෙන් පසු එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයට වඩාත් දරුණු කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ආණ්ඩුකාර ටේට් රීව්ස් පැවසුවේ ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමේ අවදානම් සහගත තත්ත්වයක් පවතින බවයි.

පසුගිය සිකුරාදා(23) රාත්‍රියේ මිසිසිපි සහ ඇලබාමා ප්‍රදේශ හරහා හමා ගිය සුළි කුණාටු හේතුවෙන් සිය ගණනක් ජනතාව අවතැන් වී සිටින අතර ජනාධිපති ජෝ බයිඩන් මේවන විට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share This