යුක්‍රේන ඩ්‍රෝන යානයකට රුසියාවෙන් ප්‍රහාර -තිදෙනෙකුට තුවාල

යුක්‍රේන ඩ්‍රෝන යානයකට රුසියාවෙන් ප්‍රහාර -තිදෙනෙකුට තුවාල

යුක්‍රේන ඩ්‍රෝන යානයක් සිය ගුවන් ආරක්ෂක අංශ විසින් වෙඩි තබා බිම හෙලූ බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි Kireyevsk නගරයට ඩ්‍රෝන් යානය කඩා වැටී ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.

රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ එය බිම හෙලීමෙන් පසු ඇති වූ පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

යුක්‍රේනය පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා මගින් රුසියානු සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද යුක්‍රේනය මෙතෙක් අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This