අමෙරිකාවේ කඩා වැටුණු බැංකුව මිලදී ගත් සමාගම

අමෙරිකාවේ කඩා වැටුණු බැංකුව මිලදී ගත් සමාගම

පසුගිය දිනවල කඩා වැටුණු එක්සත් ජනපද Silicon Valley බැංකුව (SVB) First Citizens BancShares සමාගම විසින් මිලදී ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම මස මුලදී ඇතිවූ Silicon Valley බැංකුවේ අසාර්ථකත්වය හේතුවෙන් අනෙකුත් ණය දෙන්නන්ගේ ස්ථාවරත්වය පිළිබඳවද බියක් ඇතිවූ අතර , ලොව පුරා බැංකු කොටස්වල පහත වැටීමක්ද සිදු වුණා .

2008 මූල්‍ය අර්බුදයෙන් පසු එක්සත් ජනපදයේ බැංකු පද්ධතියේ ඇතිවූ විශාලතම අසාර්ථකත්වය මෙය බවයි විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කළේ

එක්සත් ජනපද ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව (FDIC) විසින් Silicon Valley බැංකුව අත්පත් කර ගැනීමේ ගණුදෙනුව ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

 

Share This