අමෙරිකාවේ පාසැලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය අය අතර ළමුන් තිදෙනෙක්

අමෙරිකාවේ පාසැලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය අය අතර ළමුන් තිදෙනෙක්

අමෙරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ගණන හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

මියගිය අයගෙන් තිදෙනෙකු කුඩා ළමුන් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඝාතනයට ලක්වූ සිසුන් වයස අවුරුදු 8 හෝ 9 වයස්වල පසුවන Evelyn Dieckhaus, Hally Scruggs සහ William Kinney ලෙස හඳුනාගෙන ඇති අතර වැඩිහිටි පුද්ගලයින් 61 හැවිරිදි සින්තියා පීක් , 60 හැවිරිදි කැතරින් කූන්ස් සහ 61 හැවිරිදි මයික් හිල් ලෙස හඳුනාගෙන තිබෙනවා

වෙඩි තැබූ පුද්ගලයා 28 හැවිරිදි ඕඩ්‍රි හේල් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුව පොලිසිය විසින් ඝාතනය කර ඇති බවයි නිලධාරීහු සඳහන් කරන්නේ .

මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ජනාධිපති ජෝ බයිඩන් මෙම මස අවසානය දක්වා එක්සත් ජනපද ධජ අඩකුඹු කරන ලෙස නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This