කාන්තා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කළ අයෙක් අත්අඩංගුවට

නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමරවලට පැමිණීම තහනම් කර තිබියදීත්, කාන්තා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඇෆ්ගනිස්ථාන උද්ඝෝෂකයෙකු තලේබාන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියලුම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වැඩිදියුණු කිරීමට උත්සාහ කරමින් රටේ දුෂ්කර පළාත්වල සංචාරය කර ඇති 30 හැවිරිදි මතියුල්ලා වෙසා නම් වන මෙම පුද්ගලයාට තලෙබාන් නිලධාරීන්ගෙන් නිතර තර්ජන එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුව අත්අඩංගුවට ගත් හේතුව විමසා සිටියත් තලේබාන් සංවිධානය ඒ පිළිබඳව මේ වන තෙක් දැනුවත් කර නොමැති බව මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර පෙබරවාරි මාසයේදී ද කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කිරීම පිළිබඳ සෘජු විවේචකයෙකු වන මහාචාර්ය ඉස්මයිල් මාෂාල් කාබුල්හිදී නොමිලේ පොත් බෙදා දෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2021 වර්ෂයේදී තලේබාන් සංවිධානය කාන්තා අධ්‍යාපනය තහනම් කළ දා සිට මතියුල්ලා වෙසා ගැහැණු ළමයින්ගේ ඉගෙනීමට ඇති අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This