40කට මරු කැඳවූ මෙක්සිකෝ ගින්න ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අවධානය

40කට මරු කැඳවූ මෙක්සිකෝ ගින්න ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අවධානය

මෙක්සිකෝ දේශසීමාවේ Ciudad Juárez හි සංක්‍රමණික මධ්‍යස්ථානයක පැතිර ගිය ගින්නෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා

සංක්‍රමණික මධ්‍යස්ථානයක සිටි සංක්‍රමණිකයින් පිරිසක් පිටුවහල් කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ මෙම ගින්නෙන් පුද්ගලයන් 40 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගින්නෙන් පුද්ගලයන් 29 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය (INM) විසින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය තුළ ගින්න හටගන්නා විට පුද්ගලයින් 68ක් පමණ සිට ඇති බවයි පැවසෙන්නේ.

මෙක්සිකානු බලධාරීන් පැවසුවේ මියගිය සහ තුවාල ලැබූවන් අතර Guatemala, Honduras, Venezuela, El Salvador, Colombia සහ Ecuador යන රටවල පුද්ගලයින් සිටින බවයි.

ගින්නෙන් ගෝතමාලාවේ පුරවැසියන් 28 දෙනෙකු මිය ගිය බව එරට විදේශ අමාත්‍ය මාරියෝ බුකාරෝ වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This