දේශගුණික විපර්යාස ජීවිතවලට තර්ජනයක් බව පවසමින් කාන්තාවන් පිරිසක් අධිකරණයට

දේශගුණික විපර්යාස ජීවිතවලට තර්ජනයක් බව පවසමින් කාන්තාවන් පිරිසක් අධිකරණයට

දේශගුණික විපර්යාස පිළිබඳ ස්විට්සර්ලන්ත රජයේ ප්‍රතිපත්තිය ඔවුන්ගේ ජීවිතයට සහ සෞඛ්‍යයට ඇති අයිතිය උල්ලංඝනය කරන බව පවසමින් කාන්තාවන් 2,000කට අධික පිරිසක් එරට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය (ECHR) දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ නඩුවක් විභාග කරන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

වයස අවුරුදු 73ක් වන ස්විට්සර්ලන්ත කාන්තාවක් පවසා තිබෙන්නේ දේශගුණික විපර්යාස තමාගේ මානව හිමිකම්, සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිතය පවා අනතුරේ හෙළන බවයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂිවලට ඔවුන්ගේ වෛද්‍ය වාර්තාද ඇතුළත් කර තිබෙනවා

මෙම නඩුව යුරෝපීය අධිකරණයේ සාමාජික රටවල් 46න් සෑම එකකටම පූර්වාදර්ශයක් විය හැකි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This