600කටත් වැඩි පිරිසකට මරු කැඳවූ ‘ෆ්‍රෙඩී’ නිසා මලාවියේ තත්ත්වය තවමත් භයානකයි

600කටත් වැඩි පිරිසකට මරු කැඳවූ ‘ෆ්‍රෙඩී’ නිසා මලාවියේ තත්ත්වය තවමත් භයානකයි

පසුගිය දිනවල මලාවියට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් හානි සිදුවී සති දෙකකට පසුවත් රටෙහි තත්ත්වය තවමත් භයානක බව එරට අමාත්‍යවරයෙකු වන Moses Kunkuyu පවසනවා .

මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් ඇති අතර බොහෝ අවතැන් වූවන් තවමත් කඳවුරුවල ජීවත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මාර්ග සහ පාලම්වලට හානි සිදුවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආධාර සැපයීම දුෂ්කර වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම කඳවුරු තුළ පවතින තදබදය හේතුවෙන් ජලයෙන් බෝවන රෝග පැතිර යාමේ අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බොහෝ ප්‍රදේශ තවමත් විදුලිය ඇණහිටීම්වලින් පීඩාවට පත් වී ඇති බවද සඳහන් වනවා

පාසල් නැවත විවෘත කිරීමත් සමග අවතැන් වූ ජනතාව තාවකාලික නවාතැන් ලෙස භාවිතා කරන කූඩාරම් වෙත ගෙන යාමට රජයට සිදුවනු ඇති බවද Moses Kunkuyu අමාත්‍යවරයා පවසනවා.

සුළි කුණාටුවෙන් අවම වශයෙන් පාසල් 500කට පමණ හානි සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This