මියගිය මවගේ මළ සිරුර වසර 13 ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට

මියගිය මවගේ මළ සිරුර වසර 13 ක් ළඟ තබාගත් පුතු අත්අඩංගුවට

මියගිය සිය මවගේ මළ සිරුර මමියක් ලෙස වසර 13 ක කාලයක් නිවසේ තබාගෙන සිටි පුද්ගලයෙකු පෝලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ ඥාතියෙකු විසින් එම නිවසට පැමිණි අවස්ථාවක දී එම මළ සිරුර දැක මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව පෝලන්ත ආරක්ෂක අංශ විසින් එම මළ සිරුර සොයාගෙන ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව 2010 වසරේ දී මියගිය ඔහුගේ මව භූමදානය කළ ස්ථානයේ සිදු කළ සෝදිසීයක දී මළ සිරුර එම ස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This