තම දියණියගේ චිත්‍රයක් නිසා සිර දඬුවම් නියම වූ පියෙක්

තම දියණියගේ චිත්‍රයක් නිසා සිර දඬුවම් නියම වූ පියෙක්

තම දියණිය “යුධ විරෝධී” චිත්‍රයක් ඇඳීම නිසා රුසියාවේදී සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු රටින් පලා ගිය පසු බෙලරුස්හිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

හමුදාව අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් Alexei Moskalev නැමැති මෙම පුද්ගලයාට වසර දෙකක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමෙන් පසු සිටි ස්ථානය හෙළිව ඇති අතර පසුව ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

රුසියාවේ ඉල්ලීම මත Alexei Moskalev රඳවාගෙන ඇති බව බෙලාරුසියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා

ඔහු බෙලරුස් වෙත ගියේ කෙසේද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

තම දියණියගේ චිත්‍ර ඇඳීම පිළිබඳව පාසලේ බලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කළ බවත් ඊට පසු, යුද විරෝධී සමාජ මාධ්‍ය සටහනක් වෙනුවෙන් තමාට දඩ නියම වූ බවත් Alexei Moskalev සඳහන් කරනවා.

Share This