උගන්ඩාව සෞදි අරාබිය සමග අලුත් කළ ගිවිසුම

උගන්ඩාව සෞදි අරාබිය සමග අලුත් කළ ගිවිසුම

උගන්ඩාව සහ සෞදි අරාබිය ශ්‍රමිකයින් සේවය සඳහා යොදා ගැනීම වෙනුවෙන් තිබු ද්විපාර්ශ්වික ගිවිසුමක් අලුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

උගන්ඩාවේ සංක්‍රමණික සේවකයන්ට අයුතු ලෙස සැලකීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අත්හිටුවනු ලැබුවා

උගන්ඩා සංක්‍රමණිකයන් කිහිපදෙනෙක් සෞදි අරාබියේ සිදු වූ බව කියන අයුතු ලෙස සැලකීම හේතුවෙන් සියදිවි හානි කරගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජයන් දෙකම එකඟ වී ඇති බවයි උගන්ඩාවේ කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ

නව ගිවිසුමේ දී, සෞදි අරාබියේ සේවා යෝජකයන් තවදුරටත් ඒකපාර්ශ්විකව වැටුප් අඩු නොකරනු ඇති

ගෘහ සේවිකාවන්ගේ සුභසාධනය සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටළු විසඳීම සඳහා දෙරටේම යාන්ත්‍රණයක් ද ස්ථාපිත කෙරෙන බවද සඳහන් වනවා .

අවම වශයෙන් උගන්ඩා ජාතිකයින් 150,000 ක් සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස නියැලී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This