ප්‍රහාරයෙන් ස්නායුවලට හානි වූ බව ඉම්රාන් ඛාන් හෙළි කරයි

ප්‍රහාරයෙන් ස්නායුවලට හානි වූ බව ඉම්රාන් ඛාන් හෙළි කරයි

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පසුගිය නොවැම්බර් මාසයේ එල්ල වූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ දකුණු පාදයේ ස්නායුවකට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් තමා ඇවිදීමේ දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවයි ප්‍රහාරයෙන් මාස හතරකට පසුගිය සෙනසුරාදා ලාහෝර්හි රැලියක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ විරෝධතා පාගමන මෙහෙයවමින් සිටියදී තමාට උණ්ඩ හතරක් වැදුණු බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

වෙඩි නොවදින තිරයක් පිටුපස සිට ඔහු ජනතාව අමතමින් කඩා වැටී ඇති පකිස්ථානයේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා, මාර්ග සිතියමක් ද ඉදිරිපත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This