ට්‍රම්ප් නඩුවට සූදානම් -ආරක්ෂක විධිවිධාන තර කෙරේ

ට්‍රම්ප් නඩුවට සූදානම් -ආරක්ෂක විධිවිධාන තර කෙරේ

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා පැවැත්වීමට නියමිත නඩුව සඳහා පෙර සූදානම් වෙමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබුවා .

අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඔහුගේ නඩු විභාගයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවට ආපසු යාමට සැලසුම් කර තිබෙන බවත්, එහිදී ඔහු තම ආධාරකරුවන් අමතනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් ඔහුට එල්ල වූ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම චෝදනාවකට දැඩි ලෙස ක්‍රියාත්මක වන බවයි ඔහුගේ නීතිඥවරයා සඳහන් කර තිබෙන්නේ.

ට්‍රම්ප් සඳුදා දිනයේ නිව්යෝර්ක් වෙත ගමන් කිරීමට පෙර ඔහුගේ ආරක්ෂාව සැලසුම් කිරීම සඳහා උපදේශකයින් සහ නීති කණ්ඩායම හමුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නඩු විභාගය සඳහා Manhattan උසාවියේදී පස්වරුවේ පැවැත්වෙන බවත් හිටපු ජනාධිපතිවරයාට මාංචු දැමීමක් සිදු නොකරන බවත් ඔහුගේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ද නගරය වටා කිසියම් විරෝධතාවක් අපේක්ෂාවෙන් ආරක්ෂක විධිවිධාන තර කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා

 

Share This