කොංගෝ රාජ්‍යයේ නායයාමකින් 19ක් මරුට

කොංගෝ රාජ්‍යයේ නායයාමකින් 19ක් මරුට

කොංගෝ රාජ්‍යයේ ඊයේ (02) සිදුවූ නායයාමකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය බව එරට නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රාදේශීය නිලධාරීන් පවසා තිබෙනවා.

උතුරු කිවු පළාතේ බුල්වා ගම්මානයේ නිලධාරියෙකු සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

කඳුකරයේ පිහිටි ඇළක රෙදි සේදීමේ යෙදී සිටි කාන්තාවන් සහ ළමුන් පිරිසක් මෙම නායයාමට හසුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා

විපතට පත් වූවන් සෙවීමේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර මෙම ප්‍රදේශයට මාස ගණනාවක් තිස්සේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්වලට ගොදුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ

Share This