නඩු විභාගයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් වෙත

නඩු විභාගයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් වෙත

ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා පැවැත්වීමට නියමිත නඩු විභාගයට පෙර ෆ්ලොරිඩාවේ ඔහුගේ වතුයායේ සිට නිව්යෝර්ක් වෙත යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා සඳුදා සවස පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ට්‍රම්ප් ටවර් හි රාත්‍රිය ගත කිරීමට නියමිත වන බවද සඳහන් වනවා

පොලිසිය අධිකරණ භූමියෙන් පිටත බාධක ඉදිකර තිබෙනවා

76 හැවිරිදි ට්‍රම්ප් 2016 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබු අතර එයට ඔහු අධිකරණයට පැමිණ කරුණු දක්වනු ඇති.

හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු රහස් ඔත්තු සේවයේ සාමාජිකයින් විසින් කැටුව යාමට නියමිත අතර ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් නිව්යෝර්ක් හි ලාගාර්ඩියා ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අමතර ආරක්ෂක විධිවිධාන යොදා ඇති ‘ට්‍රම්ප් ටවර්’ හි රාත්‍රිය ගත කිරීමෙන් පසු ඔහු අධිකරණය වෙත ගොස් කරුණු දක්වනු ඇතැයිද ඔහුට මාංචු දැමීමක් සිදු නොවනු ඇති බවට අපේක්ෂා නොකෙරෙන බවත් පැවසෙනවා.

Share This