එක්සත් රාජධානියේ සේවක වර්ජනයක්

එක්සත් රාජධානියේ සේවක වර්ජනයක්

එක්සත් රාජධානියේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාල සේවකයින් සති 5 ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් සහ සේවා කොන්දේසි ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් එම වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වැඩවර්ජනය හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි අතර සේවකයින් 1000 කට අධික පිරිසක් මෙම වැඩවර්ජනයේ නිරත වන බව සඳහන්.

Share This