එක්සත් ජනපද-කැනඩා දේශසීමා අතර තිබූ සිරුරු අටක් හඳුනා ගැනේ

එක්සත් ජනපද-කැනඩා දේශසීමා අතර තිබූ සිරුරු අටක් හඳුනා ගැනේ

පසුගිය සතියේ ශාන්ත ලෝරන්ස් ගඟේ වගුරු බිමක තිබී සොයාගත් සිරුරු සංක්‍රමණිකයන්ගේ බවට හඳුනාගෙන තිබෙනවා.

කැනේඩියානු පොලිසිය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් සිරුරු හඳුනාගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සංක්‍රමණිකයන් ඉන්දියාවේ සහ රුමේනියාවේ පවුල් දෙකක් වන අතර ඔවුන් එක්සත් ජනපදයට යාමට උත්සාහ කර ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

28 හැවිරිදි රුමේනියානු ජාතික යුවලක් සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා ද මේ අතර සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ .

අනෙක් පවුල ඉන්දියාවේ ගුජරාට් හි ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර 50 හැවිරිදි ප්‍රවීනි චෞද්‍රි, ඔහුගේ බිරිඳ ඩික්ෂා( 45), ඔවුන්ගේ පුත් මීට් (20) සහ ඔවුන්ගේ දියණිය වීදි (24) ලෙසට ඔවුන් හඳුනා තිබෙනවා

මීට මාස දෙකකට පෙර කැනඩාවට ආගන්තුක වීසා මත මොවුන් පිටත්ව ගොස් ඇති බව පවුලේ ඥාතියෙකු වැඩිදුරටත් සඳහන් කරනවා.

එක්සත් ජනපද-කැනඩා දේශසීමා අතර තිබී සිරුරු අටක් සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

 

Share This